Tuesday, 13 April 2021 - 10:27
සිංහල අවුරුදු නැකැත්
...

අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 02.33ට මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවනවා.

අප්‍රේල්මස 13 වෙනි අඟහරුවාදා අපර භාග 08.09 සිට 14 වන බදාදා පූර්ව භාග 08.57 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති  බැවින් අප්‍රේල් මස 13 වෙනි අඟහරුවාදා දින අපරභාග 08.09ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදෙනලෙසයි මෙවර අවුරුදු නැකත් සීට්ටුවේ දැක්වෙන්නේ.

පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 02.33 සිට එදිනම පූර්ව භාග 08.57 දක්වා කාලය තුළ යෙදී පවතිනවා.

අප්‍රේල්මස 14 වැනි බදාදා පූර්ව භාග 06.17ට ලා කොළ වර්ණ (පලාවන්) වස්ත්‍රාභරණයෙන්සැරසී නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා එළකිරී මිශ්‍ර කිරි බතක් දමුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවී යනුවෙනුයි මෙවරඅලුත් අවුරුදු නැකත්වල දැක්වෙන්නේ.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව නැකත අප්‍රේල් මස 14 වැනි බදාදා පූර්ව භාග 07.41ට යෙදී තිබෙනවා.

මෙවර අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 17 වැනි සෙනසුරාදා දින පූර්ව භාග 07.16ටයි.

දකුණුදිශාව බලා හිසට නුග පත් ද, පයට කරඳ පත්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන්සැරසි නුග පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවී යනුවෙනුයිමෙවර අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ දැක්වෙන්නේ.

රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම පිටත්ව යෑමේ නැකත අප්‍රේල් මස 19 වැනි සඳුදා පූර්ව භාග 06.39ට යෙදී තිබෙනවා.



More News
...
Tuesday, 11 May 2021 - 16:11

  සිය නිවස ඉදිරිපිට දී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මාලදිවයිනේ...   Read more

...
Tuesday, 11 May 2021 - 15:56

  කොරෝනා එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් මිශ්‍ර කර දීම ගැටළුවක් නොමැති බව විශේෂඥයින් සදහන්...   Read more

...
Tuesday, 11 May 2021 - 15:14

මහවැලි ගඟ ආරම්භ වන සමනල කන්දේ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 335ක මහවැලි ගඟේ ඉවුරු දෙපස පැළ 167,500ක්...   Read more

දවසේ වීඩියෝව