Tuesday, 13 April 2021 - 13:10
අසේල සම්පත් අත්අඩංගුවට
...
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා.

කොම්පඤ්ඤවීදිය පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය, පැලන්වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදීයි.

ඒ පාරිභෝගික සේවා අධිකාරිය විසින් මීට වසර දෙකකට පමණ පෙර රාජකාරියට බාධා කිරීමේ චෝදනා එල්ල කරමින් ඔහුට එරෙහිව ගොනුකළ නඩුවකට අදාලවයි.

අදාල නඩුව පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනට පසු දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිත තිබූ අතර පාස්කු ප්‍රහාරයත් සමඟ රටේ ඇති වූ තත්ත්වය හේතුවෙන් එය කල් දමා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නඩුවට පෙනී නොසිටීම නිසා අසේල සම්පත් සිට ඇත්තේ විවෘත්ත වරෙන්තු යටත්තේයි.

කොම්පඤ්ඤවීදිය පොලිසිය අසේල සම්පත් අත්අඩංගුවට ගනු ලබනේ එම වරෙන්තුව ක්‍රියාත්මක කරමින්.



More News
...
Tuesday, 11 May 2021 - 16:11

  සිය නිවස ඉදිරිපිට දී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මාලදිවයිනේ...   Read more

...
Tuesday, 11 May 2021 - 15:56

  කොරෝනා එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් මිශ්‍ර කර දීම ගැටළුවක් නොමැති බව විශේෂඥයින් සදහන්...   Read more

...
Tuesday, 11 May 2021 - 15:14

මහවැලි ගඟ ආරම්භ වන සමනල කන්දේ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 335ක මහවැලි ගඟේ ඉවුරු දෙපස පැළ 167,500ක්...   Read more

දවසේ වීඩියෝව