Monday, 19 April 2021 - 15:45
අරවින්ද හා වාස් යළි පිටියට
...
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල හා ජාතික කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන මස 4 වැනිදා පැවැත්වෙන ක්‍රිකට් තරඟය සඳහා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා හා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් සහභාගි වන බව වාර්තාවේ.

කොරෝනා වයිරසය මර්ධනය කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම තරඟය පවත්වයි.  

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නිත්‍ය නායක ටී.එම් ඩිල්ශාන් මෙම තරඟයට සභාගී නොවන බව ද වාර්තාවේ. ඔහු මේ වනවිට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. ඔහු නැවත මෙරටට පැමිණ දින 14 කාලයක් නිරෝධායනය විය යුතුය.

ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකත්වය වෙනත් ක්‍රීඩකයකුට හිමිවීමට නියමිතව ඇත.


More News
...
Monday, 10 May 2021 - 19:58

තරඟ පාවාන් බවට චෝදනා කරමින් හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිෂ්ක ගුණවර්ධනට පනවා තිබූ තහනම ඉවත්...   Read more

...
Monday, 10 May 2021 - 15:51

නවසීලන්තයේ බර එසැවීමේ ක්‍රීඩිකාව ලොරේල් හබාඩ් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීමට...   Read more

...
Sunday, 09 May 2021 - 16:10

බංග්ලාදේශයට එරෙහිව මේ මස 23 වැනිදා ආරම්භ වන තරඟ තුනකින් යුතු එක්දින තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට්...   Read more

දවසේ වීඩියෝව