Monday, 28 September 2020 - 15:34
නිව් ඩයමන්ඩ් කපිතාන්ට විදෙස්ගතවීම තහනම්
...
ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී  ගිනි ගැනීමට ලක්වූ “එම්.ටී නිව් ඩයමන්ඩ්“නෞකාවේ කපිතාන්වරයා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නීතිපතිවරයා කරනු ලැබූ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.කෙසේවෙතත් කපිතාන්වරයාට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් නියෝගයක් නිකුත් කල බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ. අදාළ නියෝගය ආගමන විගමන පාලකට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ද යොමු කිරීමට නියෝග කෙරුනා.

එමෙන්ම අදාළ නැවේ කපිතන් හිරෝස් ඉල්යාස් නැමැත්තා පදිංචි ගාල්ල උණවටුන ප්‍රදේශයේ පදිංචිව සිටින අතර එම ස්ථානය වෙනස් කරන්නේ නම් අධිකරණයට දැනුම් දෙන ලෙසද එහිදී නියෝග කර ඇති බව සඳහන්. මීට අදාළ නඩුව ලබන මස 12 වනදා යලි කැඳවීමට නියමිතයි.


More News
...
Thursday, 07 July 2022 - 4:44

මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් 32 දෙනකුගේ රුපියල් මිලියන 830ක දේපොළ මේ වන විටත් තහනම් කර ඇති...   Read more

...
Wednesday, 06 July 2022 - 7:31

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4හි කුඹුක්කන් ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ මැණික් කැණීමේ දැවැන්ත...   Read more

...
Friday, 01 July 2022 - 5:54

මොරටුව කටුබැද්දේදී පිංවත්තේ උක්කුවා ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීම ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...