Tuesday, 04 May 2021 - 8:31
යුතුකම අමතක කළ මෝදිට පාඩමක්
...
කොරෝනා වයිරස ව්‍යාප්තිය තුට්ටුවකට මායිම් නොකරමින් පසුගියදා පැවැත්වූ ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය අන්ත පරාජයක් ලබාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය හමුවේ රට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරන ලෙසට අගමැතිවරයාට බලපෑම් එල්ල වුවද ඔහු ඒවා නොතකමින් ප්‍රාන්ත මැතිවරණය පැවැත්වූවා.

නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට අතිශයින්ම වාසි සහගත තත්ත්වයක් පැවැති ඇසෑම්, කේරල, තමිල්නාඩු, බටහිර බෙංගාලය වැනි ප්‍රාන්තවලින් අගමැතිවරායට ජය ගැනීමට හැකි වුනේ ඇසෑම් ප්‍රාන්තය පමණයි.

ඉන්දීය පාලන තන්ත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරන තීරණාත්මක බටහිර බෙංගාල ප්‍රාන්තයේ බලය තහවුරුකර ගැනීමට සමත්වූයේ මමාතා බෙනර්ජිය. ඇය අගමැති මොදිගේ දැඩි විවේචකයකු වනවා. එමෙන්ම වත්මන් ඉන්දීය පාලන තන්ත්‍රය තුළ ප්‍රධාන අමාත්‍යධූරයක් දරන එකම කාන්තාවද ඇයයි.

එමෙන්ම තමිල්නාඩු ප්‍රාන්තයේ ජය හිමිවුයේ එම්.කේ ස්ටාලින්ගේ නායකත්වයෙන් යුතු ඩී.එම්.කේ පක්ෂයටයි.

මේ අතර මැතිවරණ නිමාවත් සමඟ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අගමැතිවරයා ජේෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව ජයග්‍රාහී සැමරුම් පැවැත්වීම තහනම් කර තිබුනද ඉන්දීය ජනයා පවතින තත්ත්වය අමතක කර සැමරුම් උත්සව සංවිධානය කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම සැමරුම් උත්සව බොහෝමයකදී අගමැති මෝදිට දැඩි විවේචන එල්ල වන බවද එම විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 

 

 

 



More News
...
Tuesday, 11 May 2021 - 12:37

බොලිවුඩ් සිනමාවේ සුප්‍රකට නළුවකු වන අමිතාබ් බච්චන් දිල්ලියේ ‘කොවිඩ්-19’ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට...   Read more

...
Tuesday, 11 May 2021 - 10:16

ජුනි 7 දක්වා මැලේසියාව සම්පුර්ණයෙන්ම මැලේෂියාව වසා දමා තිබෙනවා.කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම...   Read more

...
Tuesday, 11 May 2021 - 7:50

කොරෝනා වයිරසය අසාදනයවී මියගිය ඉන්දීය ජාතිකයන්ගේ මළ සිරුරු 100 ක්පමණ ඉන්දියාවේ ගංගා නදියේ ඉව්වරට...   Read more

දවසේ වීඩියෝව