Tuesday, 04 May 2021 - 9:57
උල්කාපාතයේ වාසනාව
...
ඉන්දුනීසියාවේ සුමාත්‍රා හී මිනී පෙට්ට් සාදන්නෙකු වන 33 හැවිරිදි ජෝෂුවා හුටන්ගලන්ග් නැමැත්තා උල්කාපාතයක් විකුණා ඇමරිකානු ඩොලර් මිලියන 1.8 මුදලක් උපයා ගෙන ඇතැයි ඉන්දුනීසියාවේ කොම්පස් පුවත්පත අණාවරණය කරයි.

දිනක් ජෝෂුවා කොලැන්ග් නගරයේ පිහිටි සිය නිවසේ මිනී පෙට්ටි සාදමින් සිටින විට ඔහුගේ නිවසේ වහලය සිදුකරමින්, නිවස දෙදරුම් කවමින් යම් පාෂාණයක් වැටී තිබෙනවා.

ඔහු මේ ගැන සොයා බැලීමේදී නිවස තුලට වැටි තරමක ගලක් හමුවී ඇත.  

පසුව කල සොයාබැලීම්වලදී අතිශයින්ම දුර්ලභ කාබනික චොන්ඩ්රයිඩ් උල්කාපාතයක් වන එය වසර බිලියන 4.5 පැරණි යැයි ගණන් බලා තිබෙනවා.

මෙම දුර්ලභ උල්කාපාතයේ ග්‍රෑම් එකක් ඇමරිකානු ඩොලර් 645 පමණ වටිනාකමකින් යුතුවේ.

පසුව ජෝෂුවා මෙම දුර්ලභ උල්කාපාතය, උල්කාපාත එකතුකරන්නෙකු හට ඇමරිකානු ඩොලර් මිලියන 1.8 විකුණා දමා තිබෙනවා.

මේ වනවිට ජෝෂුවා මිනී පෙට්ටි සෑදීමේ වෘත්තියෙන් සමුගෙන ඇති අතර උලාකාපාතය විකුණා ලද මුදලින් කොටසක් වැය කොට ගමට පල්ලියක් ඉදිකිරීමට කටයුතු යොදා ඇත.


More News
...
Tuesday, 11 May 2021 - 12:37

බොලිවුඩ් සිනමාවේ සුප්‍රකට නළුවකු වන අමිතාබ් බච්චන් දිල්ලියේ ‘කොවිඩ්-19’ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට...   Read more

...
Tuesday, 11 May 2021 - 10:16

ජුනි 7 දක්වා මැලේසියාව සම්පුර්ණයෙන්ම මැලේෂියාව වසා දමා තිබෙනවා.කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම...   Read more

...
Tuesday, 11 May 2021 - 7:50

කොරෝනා වයිරසය අසාදනයවී මියගිය ඉන්දීය ජාතිකයන්ගේ මළ සිරුරු 100 ක්පමණ ඉන්දියාවේ ගංගා නදියේ ඉව්වරට...   Read more

දවසේ වීඩියෝව