Tuesday, 04 May 2021 - 13:40
බිල් ගෙට්ස් දික්කසාද වේ
...


ලොව සිව්වැනි කෝටිපතියා වන මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධානි බිල් ගේට්ස් සහ බිරිඳ මෙලින්ඩා දික්කසාද වීමට තීරණය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

 මයික්‍රොසොෆ්ට් සමාගම පිහිටුවා, පරිගණක ලොව පෙරැළියක් කළ දැවැන්තයා ලෙස සැලකෙන්නේ ද බිල් ගේට්ස්ය.

'අප දෙදෙනා හුඟක් කතාබහ කරලා දික්කසාද වෙන්න තීරණය කළා' යැයි යුවළ නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.

'අප දරු තිදෙනකුගේ ආදරණීය මාපියන්. ලෝකවාසීන්ගේ යහපත වෙනුවෙන් අප දෙදෙනා එක්වී පිහිටවූ පදනමට බොහෝ දෙනාගේ ජීවිත වෙනස් කිරීමට හැකිවුණා. ලෝකය වෙනස් කිරීමට අපට හැකිවුණා. දැන් අප වසර 27 ක විවාහ ජීවිතය අවසන් කරනවා' යැයි යුවළ නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

65 හැවිරිදි බිල් ගේට්ස් සහ 56 හැවිරිදි මෙලින්ඩා ගේට්ස්, පිහිටුවූ 'බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම' ගෝලීය සෞඛ්‍ය වෙනුවෙන් කැපවුණු පුණ්‍යායතනයකි.

ගෝලීය උණුසුම අවම කිරීම පමණක් නොව කාන්තා අයිතීන් වෙනුවෙන් ද මෙම පදනම පෙනී සිටී. කොරෝනා වයිරස වසංගතයට එරෙහි සටනේ දී, 'බිල් සහ මෙලින්ඩා පදනම' පරිත්‍යාග කළ මුදල ඇමරිකන් ඩොලර් බිලියන 500 කි. මෙලින්ඩා ගේට්ස්, මයික්‍රෝසොෆ්ට් සමාගමේ හිටපු කළමණාකාරවරියයි.



More News
...
Tuesday, 11 May 2021 - 12:37

බොලිවුඩ් සිනමාවේ සුප්‍රකට නළුවකු වන අමිතාබ් බච්චන් දිල්ලියේ ‘කොවිඩ්-19’ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට...   Read more

...
Tuesday, 11 May 2021 - 10:16

ජුනි 7 දක්වා මැලේසියාව සම්පුර්ණයෙන්ම මැලේෂියාව වසා දමා තිබෙනවා.කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම...   Read more

...
Tuesday, 11 May 2021 - 7:50

කොරෝනා වයිරසය අසාදනයවී මියගිය ඉන්දීය ජාතිකයන්ගේ මළ සිරුරු 100 ක්පමණ ඉන්දියාවේ ගංගා නදියේ ඉව්වරට...   Read more

දවසේ වීඩියෝව