Tuesday, 04 May 2021 - 16:00
ලංකාවට පනින්න හැදූ ඉන්දියානුවන් 86ක් ආපසු යවයි
...


නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉන්දියානුවන් 86දෙනෙකු දැරූ උත්සහයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වළක්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

අනවසර සංක්‍රමණිකයන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මේ දිනවල සිදු කරනු ලබන විශේෂ මුර සංචාර හේතුවෙන්  මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක පුද්ගලයින් 86 ක් සහිත ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීමට අද (2021 මැයි 04) දින නාවික හමුදාවට හැකි විය.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ මුර සංචාරයේදී මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන ඉන්දීය ධීවර යාත්‍රා  11ක් නාවික හමුදා මුර සංචාර හේතුවෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීමට නාවික හමුදාවට හැකි විය.

මේ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව  දැනුවත් කර ඉන්දීය ධීවර යාත්‍රා 11 සහ පුද්ගලයින් 86 දෙනා ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට කටයුතු සූදානම් කර ඇත.

තවද, නීති විරෝධී ලෙස විදෙස් සංක්‍රමණිකයින් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව තවදුරටත් වයඹ සහ උතුරු මුහුදේ මුර සංචාර වැඩි කරමින් නිරන්තර අවධානයෙන් සිටී.


More News
...
Tuesday, 11 May 2021 - 16:11

  සිය නිවස ඉදිරිපිට දී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මාලදිවයිනේ...   Read more

...
Tuesday, 11 May 2021 - 15:56

  කොරෝනා එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් මිශ්‍ර කර දීම ගැටළුවක් නොමැති බව විශේෂඥයින් සදහන්...   Read more

...
Tuesday, 11 May 2021 - 15:14

මහවැලි ගඟ ආරම්භ වන සමනල කන්දේ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 335ක මහවැලි ගඟේ ඉවුරු දෙපස පැළ 167,500ක්...   Read more

දවසේ වීඩියෝව