Wednesday, 05 May 2021 - 9:26
පොලිතීන් හා ප්ලාස්ටික් තහනම නොතකන සමාගම්වලට නඩු
...
ප්ලාස්ටික් හා පොලිතින් තහනම් කිරිමේ ගැසට්පත්‍රය උල්ලංඝණය කරමින් කටයුතු කරන සමාගම්වලට හා පුද්ගලයන්ට  විරුද්ධව වහා නීතිමය පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධානීන්ට ඊයේ උපදෙස් දී ඇත.

මාර්තු 31 වැනිදායින් පසු සැෂේ පැකට් භාවිතය ගහනම් කරමින් ගැසට් පත්‍රය අනුව මිලි ලීටර් 20 හා ඊට අඩු ද්‍රාවණ අඩංගු සැෂේ පැකට් නිෂ්පාදනය තහනම් කර ඇති අතර මේ වනවිට මිලි ලීටර් 24 ෂැම්පු පැකැට්ටු වෙළඳ පොළට එවීමටසමහර සමාගම් පියවර ගෙන තිබීම හේතුවෙන් මෙසේ උපදෙස් දුන් බව අමාත්‍යවරයා පවසනවා.

එසේ තහනම නොතකා හරිමින් මිලිලීටර් 24 ප්‍රමාණය සඳහන් කරමින් පෙර තිබු ප්‍රමාණයෙන්ම සැෂේ පැකට් නිපදවන සමාගමක් මේ වනවිටත් හඳුනාගෙන ඇතැයි කී අමාත්‍යවරයා අනෙක් සමාගම තහනම නොතකා හරිමින් සිය නිෂ්පාදන නීති වි‍රෝධී අන්දමින් දිගටම කරගෙන යන්නේ යැයි ද ඔහු සඳහන් කළා.  

නීතියෙන් රිංගා යාම සඳහා මිලි ලීටර් 20 වෙනුවට මිලි ලීටර් 24 යොදා ඇති නමුත් එය ද නීති විරෝධී කටයුත්තක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේ දී නිපදවිය හැක්කේ මිලි ලීටර් 100 හා ඊට වැඩි ඇසුරුම් පමණක් බව එම ගැසට් පත්‍රයේ සඳහන් කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.


More News
...
Tuesday, 11 May 2021 - 16:11

  සිය නිවස ඉදිරිපිට දී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මාලදිවයිනේ...   Read more

...
Tuesday, 11 May 2021 - 15:56

  කොරෝනා එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් මිශ්‍ර කර දීම ගැටළුවක් නොමැති බව විශේෂඥයින් සදහන්...   Read more

...
Tuesday, 11 May 2021 - 15:14

මහවැලි ගඟ ආරම්භ වන සමනල කන්දේ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 335ක මහවැලි ගඟේ ඉවුරු දෙපස පැළ 167,500ක්...   Read more

දවසේ වීඩියෝව