Wednesday, 05 May 2021 - 10:27
වැඩිම ආසාදිතයන් ගම්පහින්
...
අඛණ්ඩව දෙවන දිනයටත් මෙරටින් 1900 සීමාව ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් ඊයේ (04) දිනයේ වාර්තා වුණා.

ඒ අනුව ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 1,914කි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 542 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 531ක් වාර්තා වී තිබේ.

කළුතරින් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 116කි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් 54 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ සිටි දේශීය පුද්ගලයින් ය.

මෙරටින් වාර්තා වන කොවිඩ් -19 අසාදිතයින් ගණන මේ වනවිට 115,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 115,590කි.

එමෙන්ම ආසාදිතයින් 15,728 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සමස්ත ආසාදිතයින්ගෙන් 99,153 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.


More News
...
Tuesday, 11 May 2021 - 15:14

මහවැලි ගඟ ආරම්භ වන සමනල කන්දේ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 335ක මහවැලි ගඟේ ඉවුරු දෙපස පැළ 167,500ක්...   Read more

...
Tuesday, 11 May 2021 - 14:15

කොරෝනා ආසාදිත එහෙත් අවදානමක් නැති රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමේ...   Read more

...
Tuesday, 11 May 2021 - 13:37

කොවිඞ් සම්බන්ධව ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දී එම තත්ත්වයන් මැඬලීමට මෙරට සෞඛ්‍ය...   Read more

දවසේ වීඩියෝව