Tuesday, 11 May 2021 - 8:53
රාජ්‍ය සේවා කොමිසම බලය බෙදයි
...
රජයේ කාර්යන් බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ආසන්නම කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම තීරණය කිරීමේ බලය අදාල අමාත්‍යාංශ ලේකම්වරුන්ට දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා ආයතන ප්‍රධානීන්ට බලය පවරමින් ඊයේ (10) අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් කර ඇත.

ඒ අනුව රාජ්‍ය සේවා පළාත් සභා හා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්ට පළාත් ලේකම්වරුන්ට දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානින්ට මෙමගින් බලය පවරා තිබේ.

එලෙස අවම සේවක සංඛ්‍යාවක් සේවයට කැඳවන අවස්ථාවේ වුවද සේවා මුර ක්‍රමයක් හෝ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු යැයි ද එම චකලේඛයෙන් දැනුම්දී තිබේ .

අත්‍යවශ්‍ය කරුණුවලට හැර මහජනතාව සේවා ස්ථානවලට පැමිණීම සීමා කළ යුතු යැයි ද දැනුම් දී ඇත.


More News
...
Monday, 14 June 2021 - 8:26

පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අද (14) සිට තවත් සති දෙකක් රට වසා දමන්නැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය...   Read more

...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

දවසේ වීඩියෝව
logo