Tuesday, 11 May 2021 - 12:46
ලාංකීය ජීවිත වෙනුවෙන් පෙරට එන චීනය
...


කොරෝනා වෛරසය මර්දනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද ‘සයිනොෆාම්’ එන්නත මිලියනයක් හෝ මිලියන 2ක ප්‍රමානයක් මාස්පතා ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මේ වන විට චීන රජය සමග සාකච්ඡා කිරමින් සිටින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළා.

එම සාකච්ඡා මේ වනවිට සාර්ථක මට්ටමක පවතින බව ද එම එන්නත් ප‍්‍රමාණය මාස් පතා ලබා ගැනීමට හැකියාව ඇති බව දැනට පෙනී යන බවද ඔහු කියා සිටියා.

එමෙන්ම රුසියාව විසින් ලබා දෙන ‘ස්පුට්නිට්’ එන්නතද ගිවිසුම්ගතව ඇති පරිදි සහ ශ‍්‍රී ලංකාවේ ගබඩාවල ඉඩ පහසුකම් ඇති පරිදි ලබා දෙන බවට පොරොන්දු වී ඇතැයිද ඒ මහතා වදිදුරටැහැ සඳහන් කළා.

ඒ අනුව ජුලි මාසය වන විට වසංගතය අපේ‍්‍රල් මස මුල පැවති ආකාරයටම සාර්ථකව පාලනය කිරීමේ හැකියාව තිබෙන බව විශ්වාසයෙන් කිව හැකි බවද ඒ මහතා තව දුරටත් කියා සිටියා.

ඖෂධ සැපයුම් හා නියමන රජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්වරුන් කොළඹ සිටින චීන තානාපතිවරයා සමග ඊයේ දිනයේදී මේ සම්බන්ධයෙන් සාකච්චාවක් ද පවත්වා තිබුණා.
 
 


More News
...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

...
Sunday, 13 June 2021 - 18:11

ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල්...   Read more

දවසේ වීඩියෝව
logo