Tuesday, 11 May 2021 - 15:14
මහවැලි ගඟ දෙපස පැළ 167,500ක් සිටුවයි
...
මහවැලි ගඟ ආරම්භ වන සමනල කන්දේ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 335ක මහවැලි ගඟේ ඉවුරු දෙපස පැළ 167,500ක් රෝපණය කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසුවා.

ගං ඉවුරු ඛාදනය වැළැක්වීම මෙන්ම ගං ඉවුරුවල සංරක්ෂණ කලාප නම් කිරීමේ වැඩ පිළිවෙළහි පළමු පියවර වශයෙන් රෝපණය කෙරෙන මෙම පැළවලින් 80%ක් කුඹුක් පැළ වන අතර 20%ක් උණ පැළ බව අමාත්‍යවරයා සඳහන් කළා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

කිලෝමීටර් 335ක් දිග ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගංගා ද්‍රෝණියම ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට උණ පැළ හා කුඹුක් පැළ රෝපණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් ගතවීම අද සිදු කළා. මේ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ අපේ රටේ දශක කිහිපයක සිට ව්‍යාපාරික කටයුතු කරන කීර්තිමත් ආයතනයක් වන ටෝකියෝ සිමෙන්ති සමාගමයි.

මේ අනුව ගංඉවුරු ඛාදනය වැළැක්වීම මෙන්ම ගං ඉවුරුවල සංරක්ෂණ කලාප නම් කිරීමේ වැඩ පිළිවෙළක් අප ක්‍රියාත්මක කරනවා. මහවැලි ගඟේ සමස්ත ගං ද්‍රෝණිය වර්ග කිලෝමීටර් 10,448ක්. අපේ රටේ දැවැන්තම වාරි ව්‍යාපෘති හා කෘෂිකාර්මික කලාප මහවැලි ගංගා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මකයි.


 


More News
...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

...
Sunday, 13 June 2021 - 18:11

ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල්...   Read more

දවසේ වීඩියෝව
logo