Tuesday, 11 May 2021 - 16:11
අගමැතිගෙන් නෂීඩ් ගේ පියාට දුරකථන ඇමතුමක්
...

 

සිය නිවස ඉදිරිපිට දී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් මහතාගේ පියාට අද (11) දින අරලියගහ මන්දිරයේ සිට දුරකථන ඇමතුමක් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, නෂීඩ් මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතාගේ පියා අබ්දුල් සතාර් මහතාට මෙසේ දුරකථන ඇමතුමක් දුන් අග්‍රාමාත්‍යතුමා, නෂීඩ් මහතාගේ සුව දුක් විමසමින් එතුමා සුවපත් කිරීම වෙනුවෙන් කළ හැකි කිසියම් උපකාරයක් අවශ්‍ය නම් ඒ බව දන්වන ලෙස ද ඉල්ලා සිටියේය.

පසුගිය මැයි 06 වැනිදා රාත්‍රියේ දී මාලදිවයිනේ පිහිටි සිය නිවසේ පිටත නවතා තැබූ තම මොටර් රථයට පිය නගමින් සිටිය දී  මොහොමඩ් නෂීඩ් මහතා මෙම බෝම්බ ප්‍රහාරයට ලක්විය.

 මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඒ මහතා පැය 16ක සැත්කමකට ලක් වීමෙන් පසු මේ දක්වා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අග්‍රාමාත්‍යතුමා, ජනාධිපතිධූරය දැරූ සමයේ මාලදිවයිනේ ජනාධිපතිවරයා (2008-2012) ලෙස කටයුතු කරනු ලැබුවේ මොහොමඩ් නෂීඩ් මහතාය. ඒ මහතා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර මිත්‍රත්වය වැඩිදියුණු කිරීමට කැපවී කටයුතු කළ දේශපාලන නායකයෙකි.



More News
...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

...
Sunday, 13 June 2021 - 18:11

ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල්...   Read more

දවසේ වීඩියෝව
logo