Wednesday, 02 June 2021 - 9:15
ණය ගනුදෙනුකරුවන්ට සහනයක් දෙන්නැයි බැංකුවලට දැනුම්දීමක්
...

‍කොවිඩ් -19 වසංගතයේ තෙවැනි රැල්ල හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ ණය ගනුදෙනුකරුවන් මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් අදාළ දැනුම්දීම සිදුකළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් .

ඒ අනුව ලබාදිය යුතු සහනයන් සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ බැංකුවවලට නිකුත් කර තිබේ.

ඒ අනුව 2021 මැයි 15 වන දින සිට සක්‍රීය කාණ්ඩයේ පැවති ණය පහසුකම් සඳහා මුල් මුදල හෝ ණය පොළිය යන කොටස් දෙකම අයකර ගැනීම අගෝස්තු 31 දක්වා කල්දැමිය යුතුය.

අක්‍රීය ණය පහසුකම් සඳහා වන සියලු අයකර ගැනීම් ද අගෝස්තු 31 දක්වා කල්දැමිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත.

එමෙන්ම පන්ලක්ෂයට අඩු චෙක්පත්වල වලංගු කාලය ජුනි 30 වනදා දක්වා දිර්ඝ කර ඇති අතර කෙටී කාලීන චක්‍රීය ණය පහසුකම් පියවීම සඳහා අගෝස්තු 31 දක්වා අවස්ථාව ලබාදීය යුතු වේ.

එම සහන යෝජනා ක්‍රම සඳහා ඉල්ලුම් කිරීමට අපෙක්ෂාකරන ණය ගනුදෙනුකරුවන් ජුනි 21 වන දින හෝ ඊට පෙර ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් ඉල්ලීමක් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.

කෙසේවෙතත් ජුනි 1 වනදායින් පසුව වුවද පිළිගත හැකි හේතුවෙක් මත ප්‍රමාද වී ඉදිරිපත් කරන ඕනෑම ඉල්ලීමක් භාරගන්නා ලෙස ද බලපත්‍රලාභී බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබෙනවා.



More News
...
Monday, 07 June 2021 - 19:57

කොරෝනා ව්‍යසනය හේතුවෙන්  ග්ලොබල් ල්යිෆ්ස්ට්යල් ලංකා පුද්ගලික සමාගම රුපියල් ලක්ෂ පහක් වටිනා...   Read more

...
Thursday, 03 June 2021 - 12:07

ශ්‍රී ලාංකේය ජන ජීවිත සහ ව්‍යාපාර දිරිගන්වමින් සවිබලගැන්වීමේ සිය දැක්මට අනුව යමින්, ශ්‍රී ලංකාවේ...   Read more

...
Thursday, 27 May 2021 - 18:59

  ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ගතවු සතියක කාලය තුල වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මැයි 21  වනදා ඩොලර්...   Read more

දවසේ වීඩියෝව
logo