Monday, 07 June 2021 - 8:44
ලොව දෙවන වේගවත්ම කාන්තාව
...
ලොව දෙවන වේගවත්ම කාන්තාව බවට පත්වීමට ජැමෙයිකාවේ ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් ඊයේ (05) සමත් වූවාය.

ඒ ජැමෙයිකාවේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී කාන්තා මීටර 100 ධාවන ඉසව්ව තත්පර 10. 6 3කින් නිමකරමිනි.

එය වාර්තා පොත් අතරට එක්වන්නේ කාන්තා මීටර 100 ඉසව්වේදී ක්‍රීඩිකාවක් වාර්තා කළ සිව්වන හොඳම කාලය ලෙසය.

එමෙන්ම මෙය වසර 33කට පසු කාන්තා මීටර 100 ඉසව්වේදී වාර්තා වූ හොඳම කාලය වෙයි.

මීට පෙර හිටපු අමෙරිකානු කෙටිදුර ධාවන ශූරියක වන ලෝරන්ස් ග්‍රිෆිත් ජොයිනර් 1988 වසරේ අවස්ථා තුනකදී කාන්තා මීටර 100 ධාවන ඉසව්වේ හොඳම කාලයන් වාර්තා කර තිබුණි.

කාන්තා මීටර 100 ඉසව්වේ ලෝක වාර්තාව ද සමගින් පිළිවෙලින් ග්‍රිෆිත් ජොයිනර් වාර්තා කළ හොඳම කාලයන් වන්නේ තත්පර 10.49, 10.61 සහ 10.62ය.

34 හැවිරිදි ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් වාර්තා කළ තත්පර 10.63ක කාලය කාන්තා මීටර 100 ධාවන ඉසව්වේ නව ජැමෙයිකානු ජාතික වාර්තාවක්ද වෙයි.

මීට පෙර එම ඉසව්වේ සම ජැමෙයිකානු වාර්තාවට ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් සහ එලේන් තොම්සන් හිමිකම් කීවේ තත්පර 10.70කින් කාන්තා මීටර 100 ඉසව්ව නිමකරමිනි.


More News
...
Thursday, 10 June 2021 - 13:17

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දග පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ අමිල අපොන්සු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට...   Read more

...
Wednesday, 09 June 2021 - 9:10

එළඹෙන එංගලන්ත තරඟ සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. 24...   Read more

...
Sunday, 06 June 2021 - 9:06

විනිවිදභාවයෙන් තොර වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට අත්සන් තැබීම ක්‍රීඩකයන් තරයේ ප්‍රතික්ෂේප කරන...   Read more

දවසේ වීඩියෝව
logo