Wednesday, 09 June 2021 - 9:10
20/20 ඔටුන්නත් කුසල්ටම, ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට
...
එළඹෙන එංගලන්ත තරඟ සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) අලුයම එංගලන්තය බලා පිටත්ව ගියා.

කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ උප නායකත්වයෙන් යුත් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කරනු ලැබීය.

අශේන් බණ්ඩාර ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් මෙම සංචිතයට නම් කර නැහැ.

ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, චරිත අසලන්ක, දසුන් ශානක, වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම සංචිතයට නම් කර ඇති සෙසු ක්‍රීඩකයින් වේ.

 එක්දින සහ 20/20 කණ්ඩායම් දෙකෙහිම නායකත්වය සඳහා කුසල් ජනිත් පෙරේරා නම්කර තිබිම විශේෂත්වයකි.

එංගලන්ත තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

පළමු 20යි 20 තරගය ජූනි 23 වනදා කාර්ඩිෆ් හී දී පැවැත්වෙනු ඇති.

ජූනි 24 වනදා දෙවන 20යි 20 තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වෙන අතර, තෙවැනි 20යි 20 තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි 26 වනදා සවුත්හැම්ටන් හී දී යි.

දෙරට අතර පළමු එක්දින තරගය ජූනි 29 වනදා ඩර්හැම්හී දී ද, දෙවැනි එක්දින තරගය ජූලි පළමු වනදා ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගනයේ දී ද, තෙවැනි එක්දින තරගය ජූලි 4 වනදා බ්‍රිස්ටල්හී දී ද පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

20යි 20 තරග ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණු තරග දෙකකට එක්වීමට නියමිතව ඇති අතර, එම තරග ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩකයින් අතර පැවැත්වීමට නියමිතයි.


More News
...
Thursday, 10 June 2021 - 13:17

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දග පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ අමිල අපොන්සු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට...   Read more

...
Monday, 07 June 2021 - 8:44

ලොව දෙවන වේගවත්ම කාන්තාව බවට පත්වීමට ජැමෙයිකාවේ ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් ඊයේ (05) සමත් වූවාය. ඒ...   Read more

...
Sunday, 06 June 2021 - 9:06

විනිවිදභාවයෙන් තොර වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට අත්සන් තැබීම ක්‍රීඩකයන් තරයේ ප්‍රතික්ෂේප කරන...   Read more

දවසේ වීඩියෝව
logo