Wednesday, 09 June 2021 - 9:23
චමුදිත අපරාධ කොට්ඨාශයට
...

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට හෙට පස්වරු 3 ට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙස දැනුම්දී  තිබෙනවා.

තමනට ජීවිත තර්ජන ඇති බව ද ඔහු මීට දින කිහිපයකට පෙර පොලිස්පති වරයාට යොමු කරන ලද ලිපියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු මෙසේ කැඳවා ඇති බව වාර්තා වුණා.

මේ අතර චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසියට පැමිණිලි කිරීමට රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පී පියුමි හංසමාලිගේ නීතිඥයා කටයුතු කර තිබේ.

තම සේවාදායකයන්ට ඇප ලබා දීමෙන් පසු අධිකරණයට අපහාස කරමින් චමුදිත සමරවික‍්‍රම මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක් කළ බව ඔහුගේ නීතිඥයන් මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

අධිකරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසු මේ ගැනි අධිකරණයටද පැමිණිලි කරන බව ඔහු පැවසීය.

චමුදිත සමරවික්‍රම මහතා සමග ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් කරන්නැයි ඉල්ලා රහස් පොලිසියටත් කොටුව පොලිස් ස්ථානයටත් පැමිණිලි කර ඇතැයි ඔහු කියා සිටියේය.

එමෙන්ම නිරෝධායන නීති කඩකරමින් යූටියුබ් මාධ්‍ය ඔස්සේ වැඩසටහන පෙනී සිටි බව පවසමින් රහස් පොලිසියට සහ කොටුව පොලිස් ස්ථානයට තවත් පැමිණිල්ලක් ඔවුන් සිදු කර තිබේ.

හරීන්ද්‍ර ජයලාල් මහතා විසින් පවත්වන ලද සාකච්ඡාවකට චමුදිත සමරවික්‍රම මහතා සහභාගී වූයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බව පැමිණිලිකරුවන් කියා සිටියා.


More News
...
Saturday, 12 June 2021 - 19:14

කල්පිටියෙන් මුහුදු ගොස් අතුරුදහන් වූ බව කියන ධීවරයකු කිලෝ මීටර් 30ක් දුරට පිහිනා  මන්නාරම වෙරළ...   Read more

...
Saturday, 12 June 2021 - 13:04

රාජපක්ෂ පවුලේ දෙවෙනි පුතු වන යෝෂිත රාජපක්ෂ කියලා කියන්නේ කාගේත් ආදරයට වගේම කතාබහට ලක්වෙන චරිතයක්.ඉතින්...   Read more

...
Friday, 11 June 2021 - 12:25

දැනට පවතින සංචරණ සීමා එළඹෙන 14වෙනි සඳුදා දිනෙන් පසුව ඉවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා...   Read more

දවසේ වීඩියෝව
logo