Thursday, 10 June 2021 - 9:16
නව පරිසර පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
...
නව පරිසර පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ ‍වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ඒ යටතේ පරිසර නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව පනවන දඩ මුදල් ඉහළ නැංවීමට යෝජනා කර ඇති බවයි.

ඒ අනූව දැනට රුපියල් 5000 ක සීමාවේ පවතින පරිසර නීති කඩ කිරීමට එරෙහි දඩ මුදල, රුපියල් ලක්ෂයේ සීමාව දක්වා ඉහළ නැංවෙනු ඇති.

ඊට අමතරව කල් ඉකුත් වූ පරිසර ආරක්ෂණ බලපත්‍ර භාවිත කරන පුද්ගලයින්ගෙන් අදාළ කල් ඉකුත් වු කාල සීමාවට යටත්ව දඩ මුදල් අය කර ගැනීමට ද මේ යටතේ අවසර හිමිවේ.

පරිසර අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් ක‍ළේ මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති ‍තෙත් බිම් යන වචනය, පරිසර පනත් කෙටුම්පත යටතේ අර්ථකතනය කර ඇති බවයි.

රසායනික ද්‍රව්‍ය කළමනාකරණයට අදාළ නව නීති රැසක් ද, ඊට ඇතුළත් කර තිබේ.

පරිසර අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ, කැබිනට් අනුමැතිය හිමි වු නව පරිසර පනත් කෙටුම්පත ඉදිරියේදි පාර්ලිමේන්තුවට යොමු කෙරෙන බවයි.

මේ අතර ජාතික පරිසර ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරි සැලැස්ම ද ඉදිරියේදී අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිත බව ලේකම්වරයා සඳහන් කළේ ය.


More News
...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

...
Sunday, 13 June 2021 - 18:11

ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල්...   Read more

දවසේ වීඩියෝව
logo