Thursday, 10 June 2021 - 9:20
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදීමක්
...


වව්නියාව, ශාන්තසෝලෙයි ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  කියා සිටියා.

මුඛ ආවරණ නොමැතිව යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුගෙන්, ඒ පිළිබඳව විමසීමේදී යතුරුපැදිකරු විසින් මහජන සෞඛය පරීක්ෂකවරයාට පහරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මෙලෙස පහරදී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණයෙකු බවට මේ බව විටත් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලන රාජකාරියේ නිරතව සිටින සෞඛ්‍ය අංශ සහ අනෙකුත් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම, පහරදිම වැනි සිද්ධින්වලට එරෙහිව දැඩිම නීතිය ක්‍රියාත්මක කරන බව ද අජිත් රෝහණ මහතා අවධාරණය කාළා.


More News
...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

...
Sunday, 13 June 2021 - 18:11

ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල්...   Read more

දවසේ වීඩියෝව
logo