Thursday, 10 June 2021 - 12:24
මේ ආණ්ඩුව සමාජ මාධ්‍යයට බයයි
...
පුරවැසියෙක් සමාජ මාධ්‍යයෙන් යම් අදහසක් ප්‍රකාශ කළ පසු ඔහු අත්අඩංගුවට ගන්නා තරමට ආණ්ඩුව බියට පත්ව සහලවා උණ ගන්නා තත්ත්වයකට පත්ව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

රජයට එරෙහි මහජන විරෝධය දිනෙන් දින වැඩිවෙමින් තිබෙන විට එය වැළැක්වීම සඳහා ආණ්ඩුව ගන්නා පියවර වන්නේ නිදහස් අදහස් ප්‍රකාශ කරන අය අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන යාම යැයිද එජාප මහලේකම් වරයා කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගෙ බණ්ඩාර මහතා:-

මිනිසුන් සාවද්‍ය තොරතුරු කතා කළා යැයි අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අත්අඩංගුවට ගන්න හැකියාවක් නැහැ. තොරතුරු කතා කළා යැයි අත්අඩංගුවට ගන්නට බලයක් නැහැ. තවත් ජන කොටසක් සම්බන්ධයෙන් වෛරී ප්‍රකාශ නිකුත් කරනවා නම් පමණක්  අත්අඩංගුවට ගැනීමේ බලය තිබෙනවා.

නමුත් ලැබෙන තොරතුරු කතා කිරීම වරදක් නොවේ. නීතියේ ප්‍රතිපාදන අභිබවා අත්අඩංගුවට ගැනීම් කරනවා නම් එහි වගකීම පොලිසිය භාරගත යුතුයි. පොලිසිය ආණ්ඩුව කියන පදයට නැතිව නීතියට අනුව කටයුතු කළොත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වේවි.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් ද පිළිගෙන තිබෙනවා. ඒ අයිතිය රැකීම ආණ්ඩුවේ වගකීමක් වෙනවා.ආණ්ඩුව මර්දනය පටන් ගත්තොත් ඔවුන්ට තිබෙන පිළිකුල තවත් වැඩිවීම නතර කරන්න බැහැ.

මීට එරෙහිව ඉදිරියේදී ජනතාව පෙළ ගැසුනොත් ආණ්ඩුවට මේවා මර්දනය කරන්න අසීරු වේවි. වසංගතය ඇති මොහොතේ එවැනි තැනකට ජනතාව ගෙන එන්නට එපා යැයි අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ජනතාව සිවිල් නීති කඩන තත්ත්වයකට ගෙන එන්න එපා. රටේ නීතිය හා ව්‍යවස්ථාවට අනුව වැඩ කරන්න.ව්‍යවස්ථාවෙි තිබෙන්න මහජන අයිතිය කඩ කරන්නට කටයුතු නොකර මර්දනයෙන් තොර පාලනයක් ගෙන යන ලෙස අප ආණ්ඩුවට පවසනවා.

2015 වසරේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරන්න කටයුතු කළා .ඒ සඳහා අලුතින් නීති සම්පාදන කළා. විනිවිද බව ආරක්ෂා කළා. අද ආණ්ඩුවේ සිටින අය එදා විපක්ෂයේ සිටිමින් මේ පනතේ විධිවිධාන ප්‍රයෝජනයට ගනිමින් අපට පහර ගැසුවා.

අප එක් පුද්ගලයෙක්වත් අත්අඩංගුවට ගත්තේ නැහැ .ශීලාචාර සමාජ වල තොරතුරු දැනගැනීමේ අයිතිය තිබෙනවා. තොරතුරු දැන ගැනීමේ අයිතිය මර්දනය කරන්නේ අශීලාචාර සමාජ වලයි.

අපගේ ආසන සංවිධායිකාවකද වන මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඇය තොරතුරු සොයන්නියක්. ඇය සැමවිටම කතා කරන්නේ රට වෙනුවෙන්.නැවෙි ගින්න පිළිබඳවත් ඇය කතා කළා. මර්දනය තුළින් වැරදි වහගන්න බැහැ .

මර්දනය අභිබවා ගෙන ජනතාව ඉදිරියට එනවා .විපක්ෂයද දැන් මර්දනයට එරෙහිව කටයුතු කළ යුතු යුගය එළඹ තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් මෙය පටන් ගත යුතුයි.

එක නීතියක් ක්‍රියාත්මක වන්නේ නම් මාධ්‍යවේදීන්ට වුවත් මේවා දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වෙන්නේ නැහැ .මේ ප්‍රශ්න ඇති වන්නේ නීතිය  පොත් දෙකකින් ක්‍රියාත්මක වීම නිසයි. ආණ්ඩුව තරාතිරම බලා නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලියි. මේ ප්‍රශ්න සියල්ල ඇති වන්නේ ආණ්ඩුවේ විෂම ක්‍රියාකාරීත්වය නිසා බව කිව යුතුයි. 


More News
...
Monday, 14 June 2021 - 8:26

පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අද (14) සිට තවත් සති දෙකක් රට වසා දමන්නැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය...   Read more

...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

දවසේ වීඩියෝව
logo