Thursday, 10 June 2021 - 13:00
නිවුන් දරු ගිනස් වාර්තාව (photo)
...

දකුණු අප්‍රිකානු කාන්තාවක් දස නිවුන් දරු උපතක් සිදුකරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව වාර්තා වනවා.
 
දකුණු අප්‍රිකාවේ ගුවටෙන් ප්‍රදේශයේ 37  හැවිරිදි ගොසිමේ තමාරා සිතොලේ නැමති කාන්තාවට මෙම දස දරු උපත සිදුවී ඇත්තේ සිසේරියන් සැත්කමකින්.

පිරිමි දරුවන් 7 දෙනෙකු සහ ගැහැණු දරුවන් 3 දෙනෙකු ඇයට බිහි වී ඇති බව දකුණු අප්‍රිකානු පුවත්පත් වාර්තා කළා.
 
මීට පෙර 2009 වසරේ එම වාර්තාව පිහිටුවා තිබුණේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ කළු ජාතික කාන්තාවක වන නාඩියා සුලේමන් විසින්.
 
ඇය, පිරිමි දරුවන් 6 දෙනෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු එක් දරු ප්‍රසූතියකදී බිහි කර තිබුණා.
 
පසුගිය සඳුදා රාත්‍රියේ දස නිවුන් දරු උපතක් සිදුකළ කාන්තාව පිළිබඳ තහවුරු කිරීමක් සඳහා කරුණු සොයා බලන බව ගිනස් ලෝක වාර්තා ආයතනය ප්‍රකාශ කළා.
 
 
 


More News
...
Sunday, 13 June 2021 - 13:18

රුසියාවේ මොස්කව් අගනුවරට වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත්කර තිබේ. ගෙවුණු සතියේදී කොවිඩ් ව්‍යාප්තිය...   Read more

...
Sunday, 13 June 2021 - 10:53

අමෙරිකාවේ ටික්ටොක් (TikTok) භාවිතය තහනම් කරමින් හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගය,...   Read more

...
Saturday, 12 June 2021 - 17:15

චීනය පසුගිය මැයි මාසයේදී අඟහරු ග්‍රහයා වෙත පර්යේෂණ යානාවක් යැවීය. එම යානාවෙන් ලබාගත් ඡායාරූප...   Read more

දවසේ වීඩියෝව
logo