Thursday, 10 June 2021 - 16:13
තවත් කර්මාන්ත ශාලාවකින් මතු වූ කොවිඩ් පොකුර
...


මහියංගනය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයින් 90ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අවස්ථා කිහිපයක දී සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ මඟින්.

ජූනි මස 2 වන දින ඇඟලුම් සේවකයින් 100දෙනෙකුගේ ඇන්ටිජන් පරීක්ෂාවක් හසලක මහජන සෞඛ්‍ය කාර්යාලය මඟින් සිදුකර ඇති අතර එහිදී ආසාදිතයින් 18 දෙනෙක් හඳුනාගෙන ඇති බව සඳහන්.

ඉන් අනතුරුව තවත් සේවකයින් 100දෙනෙකුගේ පීසීආර් පරීක්ෂාවක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදුකර ඇත. එහිදී ආසාදිතයින් 38දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ජූනි මස 8 වන දින අවසන් පීසීආර් පරීක්ෂාව ඇඟලුම් සේවකයින් 385කගේ සිදුකර ඇති අතර එයින් ද ආසාදිතයින් 34ක් හඳුනා ගැනුනා.

ආසාදිතයින් හඳුනාගැනීමත් සමඟ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ පවුල් 120ක ප්‍රමාණයක් නිරෝධායනයට ලක්කර ඇති බව සඳහන්.


More News
...
Monday, 14 June 2021 - 9:04

ශ්‍රී ලංකාව ඇතුලු අවධානම් සහගත දකුණු ආසියානු රටවල් 05 ක පුද්ගලයන්ට රැකියා වීසා බලපත් නිකුත් නොකිරීමට...   Read more

...
Monday, 14 June 2021 - 8:55

ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට එරට බුද්ධි අංශවලට...   Read more

...
Monday, 14 June 2021 - 8:26

පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අද (14) සිට තවත් සති දෙකක් රට වසා දමන්නැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය...   Read more

දවසේ වීඩියෝව
logo