Thursday, 10 June 2021 - 19:21
ඕස්ට්‍රේලියාවෙන් ඇස්ට්‍රා-සෙනෙකා ඉල්ලයි
...


ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ඔස්ට්‍රේලියාවෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ පිළිබඳව ධනාත්මකව සළකා බලන බවයි එරට විදේශ අමාත්‍ය මරිස් පේන් මහත්මිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සහතිකවී ඇත්තේ.

දෙපාර්ශවය අතර ඊයේ පැවති දුරකථන සංවාදයකදී මෙම අදහස් පළවී ඇති බව සඳහන්.

කොවිඩ්19 වසංගතය හේතුවෙන් ඇති වූ අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී කෘතඥතාව පළ කල බව විදේශ අමාත්‍යංශය නිකුත් කල නිවේදනයකදැක්වෙනවා.

ලබන වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව සහ ඔස්ටේ‍රලියාව අතර ද්විපාර්ශ්වික සබඳතා පිහිටුවා ගැනීම පිළිබඳ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍යවරුන් එකග වී තිබෙනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදුවන පාරිසරික හානිය අවම කිරීම පිණිස ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය ලබා දීම සඳහා ද ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍ය මරිස් පේන් මහත්මිය ඉදිරිපත් වී ඇති බව වැඩිදුරටත් සඳහන්.


More News
...
Monday, 14 June 2021 - 9:04

ශ්‍රී ලංකාව ඇතුලු අවධානම් සහගත දකුණු ආසියානු රටවල් 05 ක පුද්ගලයන්ට රැකියා වීසා බලපත් නිකුත් නොකිරීමට...   Read more

...
Monday, 14 June 2021 - 8:55

ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට එරට බුද්ධි අංශවලට...   Read more

...
Monday, 14 June 2021 - 8:26

පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අද (14) සිට තවත් සති දෙකක් රට වසා දමන්නැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය...   Read more

දවසේ වීඩියෝව
logo