Thursday, 10 June 2021 - 21:05
තෙවැනි මාත්‍රාව අවශ්‍ය නම් ඇණවුම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
...



සෞඛ්‍ය නිර්දේශවලට අනුව කොවිඩ් -19 ලෝක තත්වය සලකා බලා එන්නත්කරණයට 03 වන මාත්‍රාවක් අවශ්‍යනම් එය දැන්ම ඇනවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ලොව ප්‍රධාන පෙලේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේවන විටත් ඇණවුම් කර ඇති අතර ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවදානයක් යොමු කරමින් තුන්වන මාත්‍රාව සඳහා සූදානම් විය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ.

ලොව පුරා සියලු රටවලින් එන්නත් සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා.

එම තරගකාරී තත්වය තුළ වැඩි එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා රටවල් රැසක නායකයන් සමග සාකච්ඡා කර සහය ඉල්ලා සිටි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියාසිටියේ.

ඒ අනුව ඉතා අසීරුවෙන් ලබාගත් එන්නත් විනිවිදභාවයකින් හා විධිමත්ව ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

මේවන විට එන්නත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බැවින් වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට සහ හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට ද කඩිනමින් ඉන්නත ලබාදීමේ අවශ්‍යතාව ඔහු පෙන්වාදී තිබෙනවා.

ඊට සමගාමීව බෝ නොවන රෝගවලින් පෙළෙන සියලුදෙනාට ද එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.



More News
...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

...
Sunday, 13 June 2021 - 18:11

ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල්...   Read more

දවසේ වීඩියෝව
logo