Sunday, 13 June 2021 - 9:16
“තෙල් බාලා” ගේ දියණිය හෙරොයින් සමග STF අත්අඩංගුවට
...

 

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් කරුපයියා බාලන් නොහොත් තෙල් බාලා නැමති සංවිධානාත්මක අපරාධකරුගේ දියණිය හෙරොයින් ග්‍රෑම් 50 ක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කරුපයියා නිර්මලා නම් සැකකාරිය 41 හැවිරිදි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මෙම සැකකාරියගේ පියා වන තෙල් බාලා නම් සැකකරු මෙරට අපරාධ රැසක් සිදුකර මීට වසර 15 කට පමණ පෙර ඉන්දියාවට පළාගොස් තිබුණා.

අනතුරුව මීට වසර තුනකට පමණ පෙර ඔහු තමිල්නාඩුවේදී මරණයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

සැකකාරිය ඉදිරි විමර්ශන සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී තිබෙනවා.



More News
...
Saturday, 24 July 2021 - 12:22

අත්අඩංගුවට ගෙන අද (24) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු...   Read more

...
Saturday, 24 July 2021 - 10:13

  අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා,...   Read more

...
Saturday, 24 July 2021 - 10:08

ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා...   Read more

දවසේ වීඩියෝව
logo