Sunday, 13 June 2021 - 9:21
සාගරට පිළිතුරු මාධ්‍ය හමුවකින්
...


ඉන්ධන මිල වැඩිකිරීමේ වගකීම භාරගෙන විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කළ නිවේදනය පිළිබඳ අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා පිළිතුරු දෙන බව අමාත්‍ය උදය ගම්මන්පිළ පවසනවා.

ඉන්ධන මිල ඉහල දැමිම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සෘජුව වගකිව යුතු බැවින් එවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබදව සම්පුර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේ.

ඒ, එහි ප්‍රධාන ලේකම් නිතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින්.

කොරෝනා අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාව තවත් අසීරුතාවට පත්වන අකාරයේ තීරණයක් ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයට රජය පත්කිරීම ගැන දැඩි අවධානය යොමු ඇති බවයි එහි දැක්වෙන්නේ.

වුවමනාවෙන්ම පක්ෂය සහ එහි නායකයන් අප්‍රසාදයට පත්කිරීම උදෙසා මෙවැනි තත්ත්වයක් ඇති කරන්නේ දැයි සාධාරණ සැකයක් පවතින බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


More News
...
Saturday, 24 July 2021 - 12:22

අත්අඩංගුවට ගෙන අද (24) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු...   Read more

...
Saturday, 24 July 2021 - 10:13

  අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා,...   Read more

...
Saturday, 24 July 2021 - 10:08

ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා...   Read more

දවසේ වීඩියෝව
logo