Sunday, 13 June 2021 - 18:11
ජී.එස්.පී සහනය නැති වුනොත් ?
...
ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල් 300කින් බාල්දු වීමට ඉඩ ඇතැයි ද මතුව ඇති අවදානම හමුවේ තවදුරටත් දේශපාලන කතා කියමින් නොසිට  ජී.එස්.පී. ප්ලස් සහනය ආරක්ෂා කිරීමට රජය වහාම කටයුතු කළ යුතුයැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජී.එස්.පී ප්ලස් ඇඟලුම් තීරුබදු සහනය රටට අහිමි වුවහොත් රැකියා දහස් ගණනක් අහිමි වන අතර ජනතාව දරා සිටින දැඩි ආර්ථික බරට තවත් බර එකතු කර රට විනාශ කරන්න එපා යැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද වික්‍රමසිංහ මහතා කීය.

රාජපක්ෂ යුගයේ රටට අහිමිව තිබූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය 2017 දී නැවත යුරෝපා සංගමයෙන්  ලබාගෙන මෙරට ආර්ථිකය වර්ධනය කිරීමට තම  ආණ්ඩුව කටයුතු කළ බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා  බදු අය කිරීමකින් තොරව යුරෝපයට භාණ්ඩ යැවීමට ලැබුණු අවසරය නිසා ඇගළුම් කර්මාන්තයෙ මෙන්ම ධීවර මත්ස්‍ය තහනම ඉවත් කිරීම නිසා  ධීවර කර්මාන්තයෙත් විශාල දියුණුවක් වූ බවද සඳහන් කළේය.


More News
...
Saturday, 24 July 2021 - 12:22

අත්අඩංගුවට ගෙන අද (24) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු...   Read more

...
Saturday, 24 July 2021 - 10:13

  අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා,...   Read more

...
Saturday, 24 July 2021 - 10:08

ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා...   Read more

දවසේ වීඩියෝව
logo