Monday, 14 June 2021 - 9:04
ලංකාවට බහරේනයෙන් රැකියා වීසා බලපත් නෑ
...


ශ්‍රී ලංකාව ඇතුලු අවධානම් සහගත දකුණු ආසියානු රටවල් 05 ක පුද්ගලයන්ට රැකියා වීසා බලපත් නිකුත් නොකිරීමට බහරේනය පියවර ගෙන තිබෙනවා.

ඒ පවතින කොවිඩ් අවධානම් තත්වය සැළකිල්ලට ගෙනයි.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව – පකිස්ථානය – නේපාලය සහ බංග්ලාදේශයේ පුරවැසියන්ටද මෙම තහණම බලාත්මක වනු ඇති.

මෙම සියලු රටවල් බහරේනය විසින් කොවිඩ් අවධානම් රතු ලැයිස්තුවටද ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් මේ වනවිටත් බහරේනය තුළ සිටින අදාළ රටවල පුරවැසියන්ට මෙම තහනම අදාළ වන්නේ නැහැ.

ඔවුන්ට සිය රැකියා වීසා බලපත් දීර්ඝ කරගැනීමට හැකියාව පවතින බවයි බහරේන රජය කම්කරු අධිකාරිය නිවේදනය කලේ.

ශ්‍රී ලංකාව ඇතුලු මෙම දකුණු ආසියානු රටවල් 05 සිට පැමිණෙන බහරේන ජාතිකයන්ට හෝ ස්ථිර පදිංචිකරුවන්ට රටට පිවිසීම බාධාවක් නොවන අතර ඔවුන් පැය 48 ක් තුළ ලබාගත් සෘණාත්මක පී සී ආර් වාර්තාවක් ඉදිරිපත් කල යුතු වනවා.

ලබන 25 වනදා දක්වා බහරේනය තුළ නිරෝධායන සංචරණ සීමාද ක්‍රියාත්මකයි.


More News
...
Saturday, 24 July 2021 - 12:22

අත්අඩංගුවට ගෙන අද (24) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු...   Read more

...
Saturday, 24 July 2021 - 10:13

  අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා,...   Read more

...
Saturday, 24 July 2021 - 10:08

ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා...   Read more

දවසේ වීඩියෝව
logo