Thursday, 15 July 2021 - 8:23
යල කන්නය සඳහා වී මිල දී ගැනීම අද සිට
...

යල කන්නය සඳහා වී මිල දී ගැනීම අද සිට ආරම්භ වනවා.

වී අලෙවි මණ්ඩලය සඳහන් කලේ ඒ සඳහා රුපියල් මිලියන 500 ක මුදල් ප්‍රතිපාදන ලැබී ඇති බවයි.

ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 50 ටත් සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 52 ටත් කීරි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 55 කටත් මිලදී ගැනීමට කටයුතු කෙරෙනු ඇති.

මෙවර යල කන්නය සඳහා වී මෙට්‍රික් ටොන් පනස් දහසක් මිලදී ගැනීමයි වී අලෙවි මණ්ඩලයේ සැලසුම වී ඇත්තේ.

කුඹුරට ම ගොස් ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් යොදවා ඇති අතර මිලදී ගන්නා වී තොග අවශ්‍ය අවස්ථාවල දී වෙළඳ පොලට නිකුත් කිරීමට පියවර ගන්නා බවත් වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියා.


More News
...
Friday, 16 July 2021 - 8:38

  මෙරට තේ අපනයන ආදායම වසරේ මුල් මාස හය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 650 දක්වා 14% කින් වර්ධනය වී තිබෙනවා....   Read more

...
Thursday, 15 July 2021 - 16:18

මාස 14 කට අධික කාලයක් තිස්සේ වරින්වර පනවන ලද සංචරණ සීමාවන් නිසා මෙරට උත්සව කළමනාකරණ ක්ෂේත්‍රය දැඩි...   Read more

...
Thursday, 01 July 2021 - 15:57

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය දැඩි අවධානයට පත්ව ඇතැයි ෆිච් රේටිං ආයතනය සඳහන් කරනවා.ඔවුන් විසින්...   Read more

දවසේ වීඩියෝව
logo