Thursday, 15 July 2021 - 16:18
දැඩි වගකීමෙන් කටයුතු කරන්න - උත්සව කළමනාකරණ සංගමය
...


මාස 14 කට අධික කාලයක් තිස්සේ වරින්වර පනවන ලද සංචරණ සීමාවන් නිසා මෙරට උත්සව කළමනාකරණ ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා සිටි බැවින් ඉදිරියේදී යළිත් එවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා යුතුව කටයුතු කළ යුතු බව උත්සව කළමනාකරණ සංගමය පෙන්වා දෙනවා.

 
කොළඹ නගරය සඳහා පනවා තිබූ COVID-19 සීමාවන් රැසක් මේ වනවිට ලිහිල් කිරීම නිසා යළිත් උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් පරිපූර්ණ මාර්ගෝපදේශ මාලාවක් ඇතුළත් අත්පොතක් පසුගියදා ප්‍රකාශයට පත්කරමින් එම සංගමය මේ බව ප්‍රකාශ කර තිබුණි.

උත්සව සංවිධාන කටයුතු සඳහා සම්බන්ධ වන සියලුම දෙනා ලබාදී ඇති මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතු බව යි උත්සව කළමනාකරණ සංගමය (Event Management Association - EMA) අවධාරණය කරන්නේ.

එහිදී ආහස් දැක්වූ රොෂාන් විජයරත්න



“අපගේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යහපත් තීරණයක් ගැනීම පිළිබඳව රජයට අපගේ ස්තූතිය හිමිවනවා. ඉතාමත් දුෂ්කර මාස කිහිපයකට පසුව දැන් අපගේ සාමාජිකයන්ට යළිත් තම ජීවනෝපායන්හි නියැළීමට අවස්ථාව ලැබේවි. කෙසේ නමුත් COVID-19 සම්බන්ධ ආරක්ෂක විධිවිධාන අප දැඩිව අනුගමනය කළ යුතුයි. මීට පෙර උත්සව පැවැත්වීමට අවසර ලබාදී තිබුණු විට, ඇතැම් අය මෙම ආරක්ෂක විධිවිධාන මුළුමනින්ම නොතකා හරිමින් කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් වුණා. යළිත්එ වැනි තත්ත්වක් උදාවී COVID-19 රෝගීන් වාර්තා වීම ඉහළ ගියහොත්, නැවතත් උත්සව තහනම් වී මුළු කර්මාන්තයම කඩාවැටීමට ඉඩ තිබෙනවා. ඒ නිසා, ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් අප ඉල්ලා සිටින්නේ යළිත් එවැනි තත්ත්වක් ඇතිවීමට ඉඩ නොතබන ලෙසයි. ඒ වෙනුවෙන් මෙම විධිවිධාන සියල්ල වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා මෙන් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම දෙනාගෙන් අප දැඩිව ඉල්ලා සිටිනවා.” උත්සව කළමනාකරණ සංගමයේ සභාපති රොෂාන් විජයරත්න පැවසී ය.


More News
...
Friday, 16 July 2021 - 8:38

  මෙරට තේ අපනයන ආදායම වසරේ මුල් මාස හය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 650 දක්වා 14% කින් වර්ධනය වී තිබෙනවා....   Read more

...
Thursday, 15 July 2021 - 8:23

යල කන්නය සඳහා වී මිල දී ගැනීම අද සිට ආරම්භ වනවා.වී අලෙවි මණ්ඩලය සඳහන් කලේ ඒ සඳහා රුපියල් මිලියන 500...   Read more

...
Thursday, 01 July 2021 - 15:57

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය දැඩි අවධානයට පත්ව ඇතැයි ෆිච් රේටිං ආයතනය සඳහන් කරනවා.ඔවුන් විසින්...   Read more

දවසේ වීඩියෝව
logo