Wednesday, 21 July 2021 - 8:43
නිදහස් පක්ෂ මූලස්ථානයේ තඹ කම්බි සොරාගත් තරුණයෙක් අත්අඩංගුවට
...

ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සවිකර ඇති වායු සමීකරණ යන්ත්‍ර හතරක තඹ කම්බි සහිත කොටස් සොරකම් කිරීමේ සිද්ධියකට 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවටයි මරදාන පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා ඇති දුම්රිය මැදිරිවල රුපියල් ලක්ෂ 3 කට ආසන්න වටිනාකමකින් යුත් තඹ කම්බි සහ වයර් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 62 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දුම්රිය ධාවන කළමනාකරුවෙකු දෙමටගොඩ පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගත් මොහු බේස්ලයින් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



More News
...
Saturday, 24 July 2021 - 12:22

අත්අඩංගුවට ගෙන අද (24) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු...   Read more

...
Saturday, 24 July 2021 - 10:13

  අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා,...   Read more

...
Saturday, 24 July 2021 - 10:08

ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා...   Read more

දවසේ වීඩියෝව
logo