Wednesday, 21 July 2021 - 8:55
ධනවත්ම මිනිසාගේ අභ්‍යවකාශ තරණය
...


ලොව ධනවත්ම මිනිසා වන ජෙෆ් බේසස් අභ්‍යවකාශය තරණය කර තිබේ.

ඔහු ලොව ප්‍රකට අන්තර්ජාල අලෙවි සමාගමක් වන ඇමසන්හි නිර්මාතෘවරයාය.

57 හැවිරිදි බේසස් ට අමතරව , ඔහුගේ සොයුරු මාර්ක් බේසස්, අභ්‍යවකාශ ගමන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ 82 හැවිරිදි වොලී ෆන්ක් සහ 18  හැවිරිදි සිසුවෙකු වන ඔලිවර් ඩේමන් ද මේ චාරිකාවට එක්ව සිටියේය.

බේසස්ගේ බ්ලූ ඔරිජින් සමාගම විසින් නිෂ්පාදිත නිව් ෂෙපර්ඩ් යානාව අභ්‍යවකාශගත කෙරුණේ ටෙක්සාස් හි පිහිටි ඔහුට අයත් වැන් හෝන් පරිශ්‍රයේ සිටය.

පෘථිවියෙන් නික්ම කිලෝ මීටර් 76ක් ඉහළට ගමන්කිරීමෙන් පසුව කණ්ඩායම රැගත් කැප්සූලය, එහි ත්වරකයෙන් වෙන්වූ අතර පිරිස රැගත් කැප්සූලය පෘථිවියේ සිට කිලෝමීටර් 106ක් ඉහළ අභ්‍යවකාශය වෙත ගමන්

කළේය.

බේසස්ගේ එම ගමනට ගතවූ කාලය විනාඩි 10 තත්පර 10කි.

ලෝකයේ ප්‍රමුඛ බිලියනපතියෙක් වන 77 හැවිරිදි ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් පසුගිය 11වැනිදා පැයක අභ්‍යවකාශ චාරිකාවකට එක්වුණේ අභ්‍යවකාශ තරණ ඉතිහාසය අලුත් කරමිනි.

තම සමාගම සතු "වර්ජින් ගැලැක්ටික් රොකට්" යානයෙන් ඔහු එම ගමනට එක්විණි.



More News
...
Saturday, 24 July 2021 - 12:28

කොරෝනා වෛරසයේ මූලාරම්භය සෙවීම සඳහා සියළු රටවලට එක්ව කටයුතු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක්...   Read more

...
Friday, 23 July 2021 - 13:36

ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පසු දෙවන මාත්‍රාව සති 08ක කාලයකින්...   Read more

...
Thursday, 22 July 2021 - 10:34

පසුගිය සතියේදී ලොව පුරා වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් ගණන සියයට 12කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය...   Read more

දවසේ වීඩියෝව
logo