Wednesday, 21 July 2021 - 11:22
ඕස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක්
...


ඕස්ට්‍රේලියාවේ ජනගහණයෙන් හරි අඩකට නැවත වරක් වසා දැමීම් වලට මුහුණදීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් ඉහළ යාම ඊට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් සිඩ්නි සහ මෙල්බර්න් යන නගර මේ වනවිටත් වසා දමා ඇති අතර, එය විවෘත කරන දිනය සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ.

එන්නත්කරණ වැඩසටහන විධිමත් අයුරින් සිදු නොකරන බවට එරට රජයට චෝදනා එල්ලවී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 32,129 ක් වාර්තාවී ඇති අතර, මියගිය සංඛ්‍යාව 915 ක්.


More News
...
Saturday, 24 July 2021 - 12:28

කොරෝනා වෛරසයේ මූලාරම්භය සෙවීම සඳහා සියළු රටවලට එක්ව කටයුතු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක්...   Read more

...
Friday, 23 July 2021 - 13:36

ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පසු දෙවන මාත්‍රාව සති 08ක කාලයකින්...   Read more

...
Thursday, 22 July 2021 - 10:34

පසුගිය සතියේදී ලොව පුරා වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් ගණන සියයට 12කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය...   Read more

දවසේ වීඩියෝව
logo