Friday, 23 July 2021 - 10:14
ඔලිම්පික් අද ඇරඹේ
...

 

විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය ලෙසින් සැලකෙන 32 වන ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරුවේ ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වීමට නියමිතයි.

1896 වසරේ ග්‍රීසියෙන් ඇරඹි ඔලිම්පික් උළෙලේ මෙවර සත්කාරකත්වය දරණ ජපානය, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමිනුයි මෙවර තරගාවලිය සංවිධාන කර ඇත්තේ.

මෙවර ඔලිම්පික් උළෙලේ සමස්ථ පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 20ක්.

කෙසේ වෙතත් මේ මස පළමු වැනිදා සිට ඔලිම්පික් ගම්මානයෙන් කොරෝනා ආසාදිතයන් 91 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් දස දෙනෙකු ද ඇතුළත්.

අදින් ඇරඹෙන ගිම්හාන ඔලිම්පික් උළෙල ලබන මස 08 වනදා දක්වා පුරා දින 17ක් පැවැත්වෙනවා.

ක්‍රීඩා 33ක් යටතේ ඉසව් 339 සඳහා රටවල් 204ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,238ක් එක්ව සිටිනවා


More News
...
Friday, 24 September 2021 - 21:03

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහ 19න් පහළ කණ්ඩායමේ...   Read more

...
Thursday, 23 September 2021 - 13:01

මාරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) විසින් ක්‍රිකට් නීති සංශෝදනයක් කිරීම සදහා අනුමැතිය ලබා දී තිබෙනවා.ඒ...   Read more

...
Tuesday, 21 September 2021 - 15:39

  ලබන මාසයේ යෙදීමට නියමිත ව තිබූ සිය පිරිමි සහ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල පාකිස්තාන සංචාරය...   Read more

දවසේ වීඩියෝව
logo