Friday, 23 July 2021 - 20:35
කොරෝනා මරණ හාරදහස ඉක්මවයි
...

 

තවත් මරණ 43ක් මෙරටින් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 4000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4002ක් ලෙසටයි.

ඊයේ තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 26ක් සහ කාන්තාවන් 17ක් ඇතුලත්.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 4ක් සහ කාන්තාවන් 4දෙනෙකු මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 22ක් සහ කාන්තාවන් 13ක් ඊයේ තහවුරු කළ මරණ අතර වනවා.

ඒ අනුව මරණ 4002ක් මේ වන විට මෙරටින් වාර්තා වී ඇති අතර ගතවූ සති දෙකක කාලය තුළ පමණක් කොරෝනා මරණ 568ක් සිදුව තිබෙනවා.

ඉන් 424 දෙනෙකුම අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වන අතර, 30 ට අඩු පුද්ගලයන් පස්දෙනෙකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 139 දෙනෙකු ඊට අයත්.

මේ අතර, අද දිනයේ මේ දක්වා අලුතින් ආසාදිතයින් 1310 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද ලක්ෂ 3කට ආසන්න වී තිබෙනවා.

ඒ අනුව මෙරට ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 292,608ක් ලෙසයි.

එමෙන්ම, අද දිනයේත් කොරෝනා ආසාදිතයන් 953 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 265,708 දක්වා ඉහළ ගියා.


More News
...
Sunday, 26 September 2021 - 10:27

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා...   Read more

...
Sunday, 26 September 2021 - 10:21

වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව...   Read more

...
Saturday, 25 September 2021 - 20:58

කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් ඇති වුණා.එන්නත් ලබා ගැනීමට...   Read more

දවසේ වීඩියෝව
logo