Monday, 26 July 2021 - 8:39
ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල
...


ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (25) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ ගැසට් නිවේදනය මගින් දැනුම් දී ඇත.

ඒ අනුව LPG (එල්.පී.ජී) අඩංගු ලීටර් 18 ක, එසේත් නැත්නම් කිලෝග්‍රෑම් 9.6ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

කෙසේවෙතත් දිස්ත්‍රික් මට්ටමින් අදාළ මිල ගණන්වල වෙනස්වීමක් සිදුකළ හැකි අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් වේ.

කළුතර දිස්ත්‍රික්කයේ ගෑස් සිල්න්ඩරයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 1,158ක් වන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ එය රුපියල් 1,181ක් ලෙස ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් වැඩිම මිලකට අලෙවි කළ හැකි වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එහිදී අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 1,259කි.

මීට අමතරව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක බර කිලෝග්‍රෑම්වලින් සිලින්ඩරයේ පැහැදිලිව පෙනෙන ස්ථානයක සඳහන් කිරීම අනිවාර්ය කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ගෑස් සිල්න්ඩරවල බර කිලෝග්‍රෑම්වලින් සඳහන් කර නොමැතිනම් ඒවා නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හෝ සිල්ලර වශයෙන් විකිණීම සහ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් බවය.



More News
...
Saturday, 25 December 2021 - 13:20

ශ්‍රී ලංකා මහ බැංකුව විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම් සලකා බලමින් “විදේශ...   Read more

...
Tuesday, 14 December 2021 - 16:10

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතා පත් කර තිබේ.ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා...   Read more

...
Sunday, 05 December 2021 - 11:10

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් නිල මාර්ග ඔස්සේ දිවයිනට ප්‍රේෂණ යැවීම...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...