Sunday, 01 August 2021 - 9:49
වසර 06 කට පසු රුසියා – ශ්‍රී ලංකා ගුවන් ගමන් යළි
...


මීට සය වසරකට පෙර නැවතී තිබූ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ඍජු ගුවන් ගමන් සේවා යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපල වෙත අද උදෑසන ළඟා වුණා.

රුසියාවේ මොස්කව් නුවර දොමොදෙදෝවෝ ගුවන් තොටුපලින් නික්මුණු යූ.එල්. 534 දරන යානය උදෑසන 6.30 ට කටුනායක ගුවන් තොටුපල වෙත ළඟා වූ බවයි ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

එමගින් දෙස් විදෙස් සංචාරකයින් 51 දෙනෙකු පැමිණ ඇති අතර, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩී.ලමාහේවාද ඒ අතර සිටි බව සඳහන්.

මෙම ගුවන් ගමන සඳහා ඒ 330 - 300 වර්ගයේ එයාර්බස් යානයක් යොදවා තිබූ අතර, එහි ආසන ධාරිතාවය 297 ක්. මේ අනුව සතියේ සෑම සිකුරාදාවකම රාත්‍රි 10.20 ට රුසියාවේ මොස්කව් බලා නික්මෙන මෙම ශ්‍රී ලංකන් ගුවන් යානය ඉරිදා උදෑසන 6.10 ට යළි කටුනායක ගුවන් තොටුපල වෙත ළඟා වනු ඇති.


More News
...
Sunday, 26 September 2021 - 10:27

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා...   Read more

...
Sunday, 26 September 2021 - 10:21

වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව...   Read more

...
Saturday, 25 September 2021 - 20:58

කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් ඇති වුණා.එන්නත් ලබා ගැනීමට...   Read more

දවසේ වීඩියෝව
logo