Sunday, 01 August 2021 - 10:11
උමාරියා අද අධිකරණයට
...

වැලිකඩ මංසන්ධියේ රාජගිරිය ගුවන් පාලම අසලදී ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ජනප්‍රිය ගායිකාවක් වන උමාරියා සිංහවංශ අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

රාජගිරිය ගුවන් පාලම අසලදී ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙනුයි ඇය ඊයේ පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඇය ගමන්ගත් සුඛෝපභෝගී ජීප් රථය, ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
 
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
 
අත්අඩංගුවට ගනු ලැබූ උමාරියා සිංහවංශ අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
වැලිකඩ පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරනවා.


More News
...
Sunday, 26 September 2021 - 11:16

Whatsapp හරහා හුවමාරු වන බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් අනවශ්‍ය...   Read more

...
Sunday, 26 September 2021 - 10:27

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා...   Read more

...
Sunday, 26 September 2021 - 10:21

වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව...   Read more

දවසේ වීඩියෝව
logo