Sunday, 01 August 2021 - 13:07
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇඟවීම
...


ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය පවසනවා.

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සහ පුද්ගල සංචරණයන් ඇතුළු කරුණු එම තත්ත්වයට හේතු වී ඇති බව ඔවුන් පෙන්වාදෙන්නේ.

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය පද්ධති අඩපන වීමේ අවදානමක් පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කළා.

මේ අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තය හේතුවෙන් පසුගිය සතියේ තුළ පමණක් ලොව පුරා රටවලින් කොවිඩ් -19 ආසාදිතයින් මිලියන 04ක් පමණ වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටේඩ්රෝස් ගේබ්රියේසස් කියා සිටියා.

මේ හේතුවෙන් ලොව පුරා සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව නුදුරේදීම මිලියන 200 සීමාව පසු කරනු ඇති බව ඔහු පෙන්වා දී තිබෙනවා.



More News
...
Sunday, 26 September 2021 - 10:27

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා...   Read more

...
Sunday, 26 September 2021 - 10:21

වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව...   Read more

...
Saturday, 25 September 2021 - 20:58

කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් ඇති වුණා.එන්නත් ලබා ගැනීමට...   Read more

දවසේ වීඩියෝව
logo