Sunday, 01 August 2021 - 13:14
අඩුම කාලයකදී වැඩිම අප්‍රසාදයක්
...


මෙරටතුල සමාජ – ආර්ථික – දේශපාලන අර්බුද රැසක් නිර්මාණය කළ යුගයක් බවට වත්මන් ආණ්ඩුවේ පාලන සමය පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගය අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. මෙම තත්වය වෙනස් කිරීමට නායකත්වය දීමට ජාතික ජන බලවේගය සූදානම් බවත් ඒ සදහා එක්වන ලෙසත් අනුර කුමාර දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

සමාජයේ සෑම ක්ෂේත්‍රයකම පුරවැසියන් හමුවී සාකච්ඡා කර ඉදිරියේදී රාජ්‍ය බලය ලබා ගැනීම දක්වා වූ පරිවර්ථනයකට ජාතික ජන බලවේගය සැළසුම් කර ඇති බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කියා සිටියා.

මේ අතර , අඩුම කාලයකදී වැඩිම අප්‍රසාදයක් ඇතිවූ ආණ්ඩුව බවට වත්මන් රජය පත්ව ඇති බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මෙම අදහස් පලකලේ පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.


More News
...
Sunday, 26 September 2021 - 11:16

Whatsapp හරහා හුවමාරු වන බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් අනවශ්‍ය...   Read more

...
Sunday, 26 September 2021 - 10:27

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා...   Read more

...
Sunday, 26 September 2021 - 10:21

වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව...   Read more

දවසේ වීඩියෝව
logo