Sunday, 01 August 2021 - 14:38
උමාරියාට ඇප
...


රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවශ ඇප මත නිදහස් කර තිබෙනවා.

ඇයගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රාජගිරිය ගුවන් පාලම අසල වැලිකඩ මංසන්ධියේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙනුයි උමාරියා සිංහවංශ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.

ඊයේ පස්වරුවේදී මෙම අනතුර සිදුවුනේ උමාරියා සිංහවංශ ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය, ත්‍රීරෝද රථයක ගැටීමෙන්.

ඉන් 38 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරා බරපතල තුවාල ලැබූ අතර ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුලත් කර තිබෙනවා.


More News
...
Sunday, 26 September 2021 - 10:27

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා...   Read more

...
Sunday, 26 September 2021 - 10:21

වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව...   Read more

...
Saturday, 25 September 2021 - 20:58

කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් ඇති වුණා.එන්නත් ලබා ගැනීමට...   Read more

දවසේ වීඩියෝව
logo