Monday, 02 August 2021 - 10:12
මුහුණු පොතක් කළ හදියක්
...


රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රන් මාලයක් සොරකම් කළ තරුණියක් සීදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සීදූව, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක් මීට මාස කිහිපයකට ඉහත සැකකාර තරුණිය මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඇයට සිය නිවසට පැමිණෙන ලෙස 23 හැවිරිදි තරුණිය ආරාධනා කර ඇති අතර එම ආරාධනයට අනුව පසුගිය ජනවාරි මාසයේදී  සැකකාර තරුණිය අදාල නිවසට ගොස් තිබෙනවා.

එහිදී නිවසේ තිබූ රන් අත් පළඳනාවක් සොරාගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන් අනතුරුව යළි පෙරේදා (31) දිනයේ සැකකාරිය සිය මිතුරියගේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේදී ඇය විසින් රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රන් මාලය සොරාගෙන ගොස් ඇති බවට හෙළිව තිබෙනවා.

අනතුරුව නිවැසියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකාර තරුණිය අද (02) දිනයේදී මීගමුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා


More News
...
Sunday, 26 September 2021 - 10:27

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා...   Read more

...
Sunday, 26 September 2021 - 10:21

වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව...   Read more

...
Saturday, 25 September 2021 - 20:58

කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් ඇති වුණා.එන්නත් ලබා ගැනීමට...   Read more

දවසේ වීඩියෝව
logo