Monday, 02 August 2021 - 14:38
අමෙරිකාවෙන් තවත් කොවිඩ් එන්නත් තොගයක්
...

 

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තවත් එන්නත් තොගයක් ප්‍රදානය කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

එරට තානාපතිනී ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය මේ බව දැනුම් දී ඇත්තේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හා ආර්ථික කටයුතු ඇතුලු දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබඳ මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණා.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ‍මෙරට තුළ සිදු කිරීමට අපේක්ෂිත බල ශක්ති ක්ෂේත්‍රයට අදාල ආයෝජන පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්වූ බව සඳහන්.

ශ්‍රී ලංකාවේ දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් මැතිවරණ ප්‍රතිසංස්කරණයට අදාල විශේෂ කාරක සභාවක් පිහිටුවීම සම්බන්ධව සහ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නැවත පිහිටුවීමට ගෙන ඇති පියවර පිළිබඳව ඇමරිකාව සිය සතුට පල කරන බවයි තානාපතිනිය කියාසිටියේ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ඇමරිකාව නිරන්තරයෙන් සහයෝගය දක්වන බවද ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කලා.



More News
...
Sunday, 26 September 2021 - 10:27

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා...   Read more

...
Sunday, 26 September 2021 - 10:21

වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව...   Read more

...
Saturday, 25 September 2021 - 20:58

කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් ඇති වුණා.එන්නත් ලබා ගැනීමට...   Read more

දවසේ වීඩියෝව
logo