Tuesday, 03 August 2021 - 9:31
විසඳුම් නැති ගුරු ගැටළුව
...


ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පළ නොවූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, වර්ජනයේ නිරත ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති පවසන්නේ ඔන්ලයින් හරහා ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවයි.  

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර, එහිදී තීරණය වූයේ මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටයි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එම කමිටුව ඉකුත් 27 වන දා ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් පැවැත්වූ නමුත් එය විසදුමකින් තොරව අවසන් වුණා.

කෙසේ වෙතත්, ඊයේ පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී ද මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති නමුත් එහිදී ද එකඟතාවයකට පැමිණ නැහැ.

 ඒ අනුව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කර ඇති ඔන්ලයින්  ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමේ වර්ජනය අද 23වන දිනටත් ක්‍රියාත්මකයි


More News
...
Sunday, 26 September 2021 - 10:27

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා...   Read more

...
Sunday, 26 September 2021 - 10:21

වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව...   Read more

...
Saturday, 25 September 2021 - 20:58

කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් ඇති වුණා.එන්නත් ලබා ගැනීමට...   Read more

දවසේ වීඩියෝව
logo