Tuesday, 03 August 2021 - 19:39
ජනපති අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක(photos)
...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා.

හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින්.

එහිදී ජනාධිපතිවරයාට විශේෂ හමුදා උත්තමාචාරයක්ද පිළිගන්වා තිබෙනවා. එහිදී මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ විසින් ගුවන් සාංග්‍රමික බල සේනාවේ ඉදිරි සැළසුම් පැහැදිළි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ගුවන් සාංග්‍රමික බල සේනාවේ විද්්‍යුත් ග්‍රන්ථය අන්තර්ජාලයට එක් කළ ජනාධිපතිවරයා යුද හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරියද විවෘත කරනු ලැබුවා.
 
 


More News
...
Sunday, 26 September 2021 - 10:27

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා...   Read more

...
Sunday, 26 September 2021 - 10:21

වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව...   Read more

...
Saturday, 25 September 2021 - 20:58

කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් ඇති වුණා.එන්නත් ලබා ගැනීමට...   Read more

දවසේ වීඩියෝව
logo