Thursday, 26 August 2021 - 9:41
උද්ධමනය සියයට 6.8 දක්වා ඉහළට
...

 

ජූලි මාසයේදී උද්ධමනය සියයට 6.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය ජූනි මාසයේ එය පැවතියේ සියයට 6.1 ක් ලෙසයි.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කලේ.

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික උද්ධමනය පසුගිය ජුනි මාසයේ දී පැවති සියයට 9.8 සිට ජූලි මාසයේ දී සියයට 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩවල වාර්ෂික උද්ධමනය ජුනි මාසයේ පැවති සියයට 2.9 සිට ජූලි මාසයේ දී සියයට 3.2 දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව සඳහන් කලේ.

පසුගිය ජූලි මාසයේ දී ආහාර කාණ්ඩයේ, ප්‍රධාන වශයෙන්, සීනි, එළවළු, කරවල සහ නැවුම් මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, පොල් සහ පොල්තෙල් මිල ගණන් පහළ ගොස් ඇති බවයි මහ බැංකුව කියාසිටියේ.

එමෙන්ම ආහාර නොවන කාණ්ඩයෙහි ප්‍රධාන වශයෙන් පෙට්‍රල් / ඩීසල් සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්වල ඉහළ යෑමක් පසුගිය ජූලි මාසයේ දී වාර්තා වූ බවයි මහ බැංකුව නිවේදනය කලේ.



More News
...
Saturday, 25 December 2021 - 13:20

ශ්‍රී ලංකා මහ බැංකුව විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම් සලකා බලමින් “විදේශ...   Read more

...
Tuesday, 14 December 2021 - 16:10

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතා පත් කර තිබේ.ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා...   Read more

...
Sunday, 05 December 2021 - 11:10

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් නිල මාර්ග ඔස්සේ දිවයිනට ප්‍රේෂණ යැවීම...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...