Monday, 06 September 2021 - 15:02
ශ්‍රී ලංකන් යළි පැරීසියට
...


මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රංශ අගනුවර වන පැරිස් වෙත නැවතත් සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.

අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවාව 2021 නොවැම්බර් 1 වන දින සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන්ට ප්‍රංශයේ පැරිස් චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපොළ වෙත සතියකට තුන් වතාවක් ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ඇති.

මෙම ගමනාන්තය සඳහා එයාර් බස් ඒ 330-300 ගුවන් යානා සමූහයක් උපයෝගී කරගන්නා අතර, සතියේ බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල සති තුනකට වරක් කොළඹින් රාත්‍රී 00:35ට පිටත් වීමට නියමිත යි.

එය පැරිස් චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපළට පැමිණෙන්නේ පසුදා උදෑසන 07.30ට යි.

නැවතත් එම යානය එදින ම සවස 14.30ට පැරීසියෙන් පිටත් වීමට නියමිත අතර, එය පසුදා අලුයම 05:20ට කොළඹට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙනු ඇති.

ලබන නොවැම්බරයේ ආරම්භ වන මෙම නව ගමනාන්තය සඳහා ව්‍යාපාරික පන්තියේ ආසන 28ක් සහ ලාභදායී පන්තියේ ආසන 269ක් වෙන් වී තිබෙනවා.

 මෙම ගමනාන්තයන් සඳහා එයාර් බස් ඒ 330-300 ගුවන් යානයක් පැය 11යි විනාඩි 25ක පමණ කාලයක් ගන්නා බව යි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ.

මෙම නව ගමනාන්තය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ පැවසුවේ, මෙම නව සේවාව නිසා සංචාරකයින්ට මෙන්ම ව්‍යාපාරිකයින්ටත් අඩු කාලයක් තුළ තම ගමනාන්තය වෙත යාමට ඉඩ සැලසීම ලෝක සංචාරක වෙළඳාම සහ ආර්ථික පුනර්ජීවනය ඇති කරණ ක්‍රියාදාමයක් වන බව යි.

2016 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවය පැරීසියට සිය ගුවන් ගමන් නැවැත් වූ අතර, 2020 ජූලි සහ සැප්තැම්බර් මාසවල දී තාවකාලික මඟී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් කිහිපයක් ක්‍රියාත්මක කළා.

කෝවිඩ් ගෝලීය වසංගතය ආරම්භයේ සිට ම අනුගමනය කරන ලද අතිරේක ආරක්‍ෂක පියවර සහ පුළුල් සනීපාරක්‍ෂක ප්‍රමිතීන් සඳහා සම්මත වූ ඇපෙක්ස් සහ සිම්ප්ලිෆ්ලයිං වෙතින් ‘දියමන්ති’ ශ්‍රේණිගත කිරීම ලබා ගත් දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ගුවන් සේවය වන්නේ ද ශ්‍රී ලංකන් ගුවන් සේවාව යි.


More News
...
Wednesday, 01 December 2021 - 20:52

බ්‍රිතාන්‍යයේ උපන්, ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානු ජාතික ෂෙමාරා වික්‍රමනායක ඕස්ට්‍රේලියාවේ...   Read more

...
Sunday, 14 November 2021 - 11:12

ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා විසින් 2021 නොවැම්බර් 10වන...   Read more

...
Monday, 13 September 2021 - 20:16

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්ෂුද්‍ර රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම කොරෝනා කාලයේදී...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021  ඔක්තෝම්බර් මස 05

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...